මලාවි උප ජනපති ගුවන් අනතුරින් මියයයි

Facebook
Twitter
WhatsApp

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරට පත්වන අවස්තාවේ , උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ සිට තිබෙනවා. අනතුරට පත් වූයේ මලාවි හමුදාවට අයත් ගුවන් යානයක්.

51 හැවිරිදි උප ජනාධිපති චිලිමා සහ පිරිස රැගත් එම යානය, මලාවි රාජ්‍යයේ ලිලොංග්වේ අගනුවරින් පිටත් වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යාම සදහායි.

කෙසේ නමුත් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවෙද්දී, යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන්ව තිබෙනවා. එසැණින් යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා කියා සිටියා.

මලාවි ජනාධිපති ලසරස් චක්වේරා බහාමාස් සංචාරයකට සූදානම් වී සිටි නමුත් උප ජනාධිපතිවරයාට සිදුවුණු අකරතැබ්බ හේතුවෙන් එම ගමන අවලංගු කළ බව ද සදහන්.

යානය අනතුරට පත්වූයේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ ගැන විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් මලාවි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. යානයේ සුන්බුන් හමුවී ඇත්තේ වනාන්තර ප්‍රදේශයකින්.

ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, මලාවි උප ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ හමුදා ගුවන් යානයකින් නොව හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින්.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick