නීතිපතිගේ සේවා දිගුව කල්යයි

Facebook
Twitter
WhatsApp

නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල්දමා තිබෙනවා.

ඊයේ (10) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ යෝජනාව ඉදිරිපත්ව ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වී ඇති බවට වාර්තා වේ.

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග අවසන් වීමට නියමිත අතර ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

අදාළ යෝජනාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවිය යුතු අතර මීට පෙර ද ඒ සඳහා අනුමැතිය ලබාදීම කල් දමා තිබුණා.

කෙසේවෙතත් ලබන 18 වන දින යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර එහිදී නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick