දුම්රියෙන් පැමිණ අලුත්ගම සංචාරක කලාපය සහ වෙනත් ප්‍රදේශවල පාපැදි සහ ගෑස් සිලින්ඩර සොරකම් කළ “මුරවත්ත කසුන් “නැමැති පුද්ගලයාව අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුත්ගම, මොරගල්ල, කළුවාමෝදර ප්‍රදේශවල සංචාරකයින්ට කුලී පදනම මත පාපැදි ලබාදෙන සහ පයාගල, කලමුල්ල ප්‍රදේශවල සහ අවට ප්‍රදේශවල දැනට වසර කිහිපයකට පෙර නිවෙස්වල නවතා ඇති පාපැදි සහ ගෑස් සිලින්ඩර සහ තවත් උපකරණ සොරකම් සිදුවන බවට අලුත්ගම පොලීසියේ දූෂණ මර්දන අංශයට ලද පැමිණිලිමත ඊයේ උදෑසන අලුත්ගම කළුවාමෝදර පාලම ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබුණා.
ඉන්පසුව ඔහුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සොරකමට අදාළ සියලු තොරතුරු අනාවරණයවී තිබෙනවා.
සැකකරුගෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු මුල් කාලයේ මොරගල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් පසුව ඔහු මොරටුව පොලිස් වසමේ මුරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට රාත්‍රී කාලයේ අලුත්ගම දෙසට පැමිණෙන දුම්රියන්වල අලුත්ගම බේරුවල හා අවට ප්‍රදේශවලට පැමිණ එම ප්‍රදේශවල විවිධ භාණ්ඩ සොරාගෙන ඇති බවයි.
එසේ සොරා ගන්නා ලද පාපැදි හතක් සහ ගෑස් සිලින්ඩර 6ක් මේ වනවිට පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම සැකකරු වයස අවුරුදු 34ක් පමණ වන “මුරවත්ත කසුන්” ලෙස හඳුන්වනු ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්.