උප ජනපති ගමන්ගත් ගුවන්‍ යානය අතුරුදන්

Facebook
Twitter
WhatsApp

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මලාවි ආරක්ෂක බළකායේ ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ගුවන් යානය Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණා

මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා පැවසුවේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

සොල්දාදුවන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදුකරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට තමා නියෝග දැඩි කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick