20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය අතර පැවති තරගයෙන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් හිමි කරගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 119ක් රැස්කළා
නසීම් ෂා සහ හරිස් රවුෆ් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ඉන්දියාව වෙනුවෙන් රිෂාබ් පාන්ට් ලකුණු 42ක් ලබා ගත්තා.
ලකුණු 120ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 113ක් පමණයි