මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගෙන ඇති බවට වාර්තාවනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනාව සිදුකර ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති විශේෂ හමුවේදී.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය ලබන අගෝස්තු මාසයේදී සිදු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එම සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.කේ ජයශංකර් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය ගැන පැවති සාකච්ඡාවේදී ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර ඇති ජයෂංකර් මහතා ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද පවසා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුළත් වන බවයි
එසේම සත්‍ය හා ප්රතිසන්ධාන පනත ලබන ජුලි මාසය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයෂංකර් මහතා හමුවේ පවසා තිබෙනවා.
කෘෂිකර්ම නවීකරණය ගැන පැවැති ද්වීපාර්ශවික සාකච්ඡාවෙන් පසු දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන්ද ඉක්මනින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවටද එකඟතාවයකට එළැඹ තිබෙනවා.