වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.
ඒ අද (10) ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය විසින් කළ නියෝගයකට අනුවයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දා අත්අඩංගුවට පත්වුණා