විස්සයි – 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8 ක් එම ධූරයේ කටයුතු කර එම ධූර වලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16 ක් විධායක සභිකයන් ලෙස කටයුතු කරන්න ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එම ගැසට් නිවේදනය සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කිරීමට කටයුතු කරන බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ.