ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්

Facebook
Twitter
WhatsApp

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් හි දී ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහි දී බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

වන්දනාකරුවන් ජම්මු -කාශ්මීරයේ ශිව් කෝරි ලෙන් විහාරය “Shiv Khori cave” වෙත යමින් සිටියදී අද (09) පස්වරුවේ මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව සඳහන්.

මෙහිදී ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමඟ බස් රථය ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick