20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ උගන්ඩා කණ්ඩායම සමග අද (09) පැවැති තරගය ලකුණු 134ක විශිෂ්ට ජයක් ලබාගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත්වුණා
තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 173ක් රැස්කළා.
එහිදී බටහිර ඉන්දිය කොදෙව් ඉනිම වෙනුවෙන් Johnson Charles ලකුණු 44ක් රැස් කළ අතර Andre Russell නොදැවී ලකුණු 30ක් ලබාගත්තා.
උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් Brian Masaba කඩුලු 02ක් දවාගත්තා.
ලකුණු 174ක ඉලක්කයක් හඹාගිය උගන්ඩා කණ්ඩායම පන්දු වාර 12 අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 36ක් පමණයි.